කාලසටහන් සැකසුම භාවිත කිරීම
නියමිත වේලාවට එය නැරඹීම හෝ පටිගත කිරීම කාලසටහන්ගත කිරීමට වැඩසටහනක වේලාව සහ දිනය ඔබට ඇතුළු කළ හැකිය.
  1. දුරස්ථ පාලකයේ මුල් පිටුවමුල් පිටුව බොත්තම ඔබන්න.
  2. නියමිත කාලය තුළ වැඩසටහනක් පටිගත කිරීම හෝ නැරඹීම සඳහා කාලසටහන් සැකසුම යෙදුම තෝරන්න.

TV කාලසටහන්ගතකරණයTV කාලසටහන්ගතකරණය

  1. ඔබට ලැයිස්තුව සුබෙදිය හැකිය.
  2. ඔබට මැකීමේ ප්‍රකාරය සැකසිය හැකිය.
  3. ඔබට නව කාලසටහන්ගත පටිගත කිරීම සැකසිය හැකිය.
  4. ඔබට නව සිහිකැඳවුම සැකසිය හැකිය.
  5. රූපවාහිනී මාර්ගෝපදේශය දියත් කරන්න.
වැඩසටහන අනුව කාලසටහන්ගත කරන්න
නැරඹීම හෝ පටිගත කිරීම සඳහා එය කාලසටහන්ගත කිරීමට ඔබට දර්ශනයක් තේරිය හැකිය.
  1. දුරස්ථ පාලකයේ මුල් පිටුවමුල් පිටුව බොත්තම ඔබන්න.
  2. නියමිත කාලය තුළ වැඩසටහනක් පටිගත කිරීම හෝ නැරඹීම සඳහා රූපවාහිනී මාර්ගෝපදේශය යෙදුම තෝරන්න.
  3. ඔබට අවශ්‍ය වැඩසටහන තෝරන්න.
    ඔබට සජීවී විකාශයක් පටිගත කිරීමට අවශ්ය නම්, පටිගත කරන්න හෝ නරඹන්න බොත්තම ක්ලික් කරන්න.
    ඉදිරියට එන වැඩසටහනක් සම්බන්ධයෙන් නම්, සැලසුම් කළ පටිගත කිරීම හෝ සිහිකැඳවීම බොත්තම ක්ලික් කරන්න.
කාලසටහන්ගත පටිගත කිරීම විකාශක විසින් සපයන ලද තොරතුරු මත පදනම්ව වැඩසටහන පටිගත කරනු ලබන නිසා නිවැරදිම පටිගත කිරීමේ කාලය සහතික නොකරයි.
ඩිජිට‍ල් විකාශනය කිරීමට අදාළ වේ.
හස්තීය කාලසටහන්ගත කිරීම
ඔබට දිනය, වේලාව, සහ නැරඹීමට නාලිකාව තේරිය හැකිය නැතහොත් නාලිකා පටිගත කළ හැකිය.
  1. දුරස්ථ පාලකයේ මුල් පිටුවමුල් පිටුව බොත්තම ඔබන්න.
  2. නියමිත කාලය තුළ වැඩසටහනක් පටිගත කිරීම හෝ නැරඹීම සඳහා කාලසටහන් සැකසුම යෙදුම තෝරන්න.
  3. පටිගත කිරීමට හෝ නැරඹීමට දිනය, වේලාව සහ නාලිකාව සකසන්න.
කාලසටහන්ගත පටිගත කිරීමේ දිග අවම වශයෙන් මිනිත්තු 1 විය යුතුය.