ජාල සම්බන්ධතා ගැටලු
නිෂ්පාදනය භාවිත කරන අතරතුර ඔබට පහත කිසියම් හෝ ගැටලුවක් අත්විඳීන්නේ නම්, කරුණාකර පහත දේවල් පරීක්ෂා කරන්න. නිෂ්පාදනය සමගින් ගැටලුවක් නොතිබිය හැකිය.
ඔබට පහත දැක්වෙන පරිදි ජාල සම්බන්ධතා තත්ත්වය පරීක්ෂා කළ හැකිය.
-
ජාලය
රැහැන් සහිත සම්බන්ධතාවය (ඊතර්නෙට්)
-
ජාලය
Wi-Fi සම්බන්ධතාවය
සංකීර්ණ Wi-Fi සැකසුම්
-
TV එකට යාබදව X දිස්වන විට -
TV එකේ හෝ AP (රවුටරය) පරීක්ෂා කරන්න.
- TV එකේ, AP (රවුටරයේ) සහ කේබල මොඩමයේ සම්බන්ධතා තත්ත්වය පරීක්ෂා කරන්න.
- පහත සඳහන් අනුපිළිවෙළ අනුව බලය ක්‍රියාවිරහිත සහ ක්‍රියාත්මක කරන්න;
1. කේබල මොඩම, කේබල මොඩමට යළි සැකසීමට රැඳී සිටින්න.
2. AP (රවුටරය), AP (රවුටරයට) යළි සැකසීමට රැඳී සිටින්න.
3. TV එක.- ඔබ රැහැන් රහිත සම්බන්ධතාවක් භාවිත කරමින් සිටින්නේ නම්, SSID (ජාල නම) සහ AP (රවුටරයේ) රැහැන් රහිත නාලිකාව වෙනස් කරන්න.
- ඔබ ස්ථිතික IP එකක් භාවිත කරමින් සිටින්නේ නම්, සෘජුවම IP එක ඇතුළු කරන්න.
- අන්තර්ජාල සේවා සැපයුම්කරු හෝ AP (රවුටර) සමාගම් අමතන්න.
-
X ද්වාරයට යාබදව පෙනෙන විට - AP (රවුටරය) පරීක්ෂා කරන්න නැතහොත් ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරුගේ උපදෙස් ගන්න.
- AP (රවුටරයේ), කේබල් මොඩමයේ බල රැහැන පේනුවෙන් ඉවත් කර, තත්පර 10ක් රැඳී සිටින්න. බලය යළි යොදන්න.
- AP (රවුටරය) හෝ කේබල් මොඩමය මත (යළි සකසන්න) අරඹන්න.
- අන්තර්ජාල සේවා සැපයුම්කරු හෝ AP (රවුටර) සමාගම් අමතන්න.
- ඔබේ රවුටරයේ නවතම ස්ථිරාංග අනුවාදය ස්ථාපනය කර ඇති බව ස්ථීර කර ගැනීමට AP (රවුටර) නිෂ්පාදකගේ වෙබ් අඩවිය පරීක්ෂා කරන්න.
-
DNS වලට යාබදව X දිස්වන විට - AP (රවුටරය) පරීක්ෂා කරන්න නැතහොත් ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරුගේ උපදෙස් ගන්න.
- කේබල් මොඩමයේ හෝ AP (රවුටරයේ) බල රැහැන පේනුවෙන් ඉවත් කර, තත්පර 10ක් රැඳී සිටින්න. බලය යළි යොදන්න.
- AP (රවුටරය) හෝ කේබල් මොඩමය මත (යළි සකසන්න) අරඹන්න.
- TV / AP (රවුටරයේ) MAC ලිපිනය ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරු සමගින් ලියාපදිංචි කර ඇති දැයි පරීක්ෂා කරන්න. (ජාල තත්ත්ව කවුළුවේ පේනුව මත සංදර්ශනය වන MAC ලිපිනය ඔබේ අන්තර්ජාල සම්බන්ධතා සැපයුම්කරු සමගින් ලියාපදිංචි කළ යුතුය.)